Posts

Showing posts from June, 2025
Image
  ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක The mangroves in Sri Lanka කඩොලාන යනු බීජ දරන, අතිශය විශේෂණය වූ,පඳුරුවල සිට උස් ගස් දක්වා ප් ‍ රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන් ‍ යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ් ‍ රිතව දක්නට ලැබේ. ක ‍ ඩොලාන අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ් ‍ රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප් ‍ රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි ‍ ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප් ‍ රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප් ‍ රජාව විසින් අත් කරගෙන ඇත. ලෝකයේ ඇති සියලුම කඩොලාන ප් ‍ රජාවල විශාලත්වය හෙක්ටෙයාර මිලියන 1 1/2 ක් පමණ වේ. කඩොලානෙහි නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක සත් ‍ ය කඩොලාන ශාක (True Mangroves)ලෙස හැදින්වේ. සත් ‍ ය කඩොලාන වලට යාබඳ වඩාත් ගොඩකර ප් ‍ රදේශ වල ද වැඩෙන වෙනත් ශාක ද ඇත. ඒවා කඩොලාන ආශ් ‍ රිත ශාක(Mangrove Associates) ලෙස හැදින්වේ. සත් ‍ ය කඩොලාන හා කඩොලාන ආශ් ‍ රිත ශාක සපුෂ්ප ශාක වන අතර ඵසේ නොවන (Acrosticum Aureum) නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ් ‍ රිතව හමු...