ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක
The mangroves in Sri Lanka
කඩොලාන යනු බීජ දරන, අතිශය විශේෂණය වූ,පඳුරුවල සිට උස් ගස් දක්වා ප්රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්රිතව දක්නට ලැබේ.
කඩොලාන අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව විශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප්රජාව විසින් අත් කරගෙන ඇත. ලෝකයේ ඇති සියලුම කඩොලාන ප්රජාවල විශාලත්වය හෙක්ටෙයාර මිලියන 1 1/2 ක් පමණ වේ.
කඩොලානෙහි නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක සත්ය කඩොලාන ශාක (True Mangroves)ලෙස හැදින්වේ. සත්ය කඩොලාන වලට යාබඳ වඩාත් ගොඩකර ප්රදේශ වල ද වැඩෙන වෙනත් ශාක ද ඇත. ඒවා කඩොලාන ආශ්රිත ශාක(Mangrove Associates) ලෙස හැදින්වේ. සත්ය කඩොලාන හා කඩොලාන ආශ්රිත ශාක සපුෂ්ප ශාක වන අතර ඵසේ නොවන (Acrosticum Aureum) නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ්රිතව හමු වේ.
ශ්රි ලංකාවේ කඩොලාන ප්රජාව සත්ය කඩොලාන හා ආශ්රිත කඩොලාන විශේෂ වලින් ද සමන්විත වේ. ඒ අනුව දැනට ප්රධාන වශයෙන් කඩොලාන වර්ග 23 ක් පමණ සොයාගෙන ඇත. ශ්රි ලංකාවේ දිවයින වටා ඇති කඩොලාන ප්රජාව වැසී පැතිරී ඇති බිම් ප්රමාණය හෙක්ටෙයාර 10000ක් පමණ වේ.
1. 𝘼𝙚𝙜𝙞𝙘𝙚𝙧𝙖𝙨 𝙘𝙤𝙧𝙣𝙞𝙘𝙪𝙡𝙖𝙩𝙪𝙢 - හීන්කඩොල් / ඇවරිකඩොල්
2. 𝘼𝙫𝙞𝙘𝙚𝙣𝙣𝙞𝙖 𝙢𝙖𝙧𝙞𝙣𝙖 - මණ්ඩා
3. 𝘼𝙫𝙞𝙘𝙚𝙣𝙣𝙞𝙖 𝙤𝙛𝙛𝙞𝙘𝙞𝙣𝙖𝙡𝙞𝙨 - මණ්ඩා
4. 𝘽𝙧𝙪𝙜𝙪𝙞𝙚𝙧𝙖 𝙘𝙮𝙡𝙞𝙣𝙙𝙧𝙞𝙘𝙖 - මල්කඩොල්
5. 𝘽𝙧𝙪𝙜𝙪𝙞𝙚𝙧𝙖 𝙜𝙮𝙢𝙣𝙤𝙧𝙝𝙞𝙯𝙖 - මල්කඩොල්
6. 𝘽𝙧𝙪𝙜𝙪𝙞𝙚𝙧𝙖 𝙨𝙚𝙭𝙖𝙣𝙜𝙪𝙡𝙖 - මල්කඩොල්
7. 𝘾𝙚𝙧𝙞𝙤𝙥𝙨 𝙩𝙖𝙜𝙖𝙡 - පුංකණ්ඩ
8. 𝘾𝙚𝙧𝙞𝙤𝙥𝙨 𝙙𝙚𝙘𝙖𝙣𝙙𝙧𝙖 - පුංකණ්ඩ
9. 𝙀𝙭𝙘𝙤𝙚𝙘𝙖𝙧𝙞𝙖 𝙖𝙜𝙖𝙡𝙡𝙤𝙘𝙝𝙖 - තෙල / තිල්ලං
10. 𝙃𝙚𝙧𝙞𝙩𝙞𝙚𝙧𝙖 𝙡𝙞𝙩𝙩𝙤𝙧𝙖𝙡𝙞𝙨 - ඇටුන / හෝමැදිරිය
11. 𝙇𝙪𝙢𝙣𝙞𝙩𝙯𝙚𝙧𝙖 𝙡𝙞𝙩𝙩𝙤𝙧𝙚𝙖 - රතමිල්ල
12. 𝙇𝙪𝙢𝙣𝙞𝙩𝙯𝙚𝙧𝙖 𝙧𝙖𝙘𝙚𝙢𝙤𝙨𝙖 - බෑරිය
13. 𝙉𝙮𝙥𝙖 𝙛𝙧𝙪𝙩𝙞𝙘𝙖𝙣𝙨 - ගිංපොල්
14. 𝙋𝙚𝙢𝙥𝙝𝙞𝙨 𝙖𝙘𝙞𝙙𝙪𝙡𝙖 - මුහුදුවරා / කිරිමරං
15. 𝙍𝙝𝙞𝙯𝙤𝙥𝙝𝙤𝙧𝙖 𝙖𝙥𝙞𝙘𝙪𝙡𝙖𝙩𝙖 - මහකඩොල්
16. 𝙍𝙝𝙞𝙯𝙤𝙥𝙝𝙤𝙧𝙖 𝙢𝙪𝙘𝙧𝙤𝙣𝙖𝙩𝙖 - මහකඩොල්
17. 𝙎𝙖𝙥𝙞𝙪𝙢 𝙞𝙣𝙙𝙞𝙘𝙪𝙢 - කිරිමකුලු / මුහුදු කජු
18. 𝙎𝙤𝙣𝙣𝙚𝙧𝙖𝙩𝙞𝙖 𝙖𝙡𝙗𝙖 - කිරල
19. 𝙎𝙤𝙣𝙣𝙚𝙧𝙖𝙩𝙞𝙖 𝙘𝙖𝙨𝙚𝙤𝙡𝙖𝙧𝙞𝙨 - කිරල
20. 𝙓𝙮𝙡𝙤𝙘𝙖𝙧𝙥𝙪𝙨 𝙜𝙧𝙖𝙣𝙖𝙩𝙪𝙢 - මුට්ටිකඩොල්
21. 𝙎𝙘𝙮𝙥𝙝𝙞𝙥𝙝𝙤𝙧𝙖 𝙝𝙮𝙙𝙧𝙤𝙥𝙝𝙮𝙡𝙖𝙘𝙚𝙖 - කලුකඩොල්
මීට අමතරව සත්ය කඩොලාන ප්රජාව හා එක්ව හැදෙන ශාකද ගත්විට මෙම පරිසර පද්ධතිය ඉතා වැදගත් මෙන්ම අප විසින් අනිවාර්යෙන්ම රැක ගැනීම කල යුතු දෙයකි.අනවශය කපා දැමීම සහ විනාශ කිරීම් නොකර හැකි පමනින් වඳ වී යන ප්රබේද නැවත අදාල පරිසර පද්දති වලම ප්රතිස්තාපනය කරමින් මෙම සුවිශේශී ශාක ප්රජාව අනාගත ලෝකයකට ඉතුරු කල යුතුය.
කඩොලාන ගැන ඉස්සරහටත් දැනගන්න , කියවන්න රැඳී ඉන්න අපිත් එක්ක.
"𝙋𝙧𝙤𝙩𝙚𝙘𝙩 𝙆𝙖𝙙𝙤𝙡𝙖𝙣𝙖, 𝙎𝙚𝙘𝙪𝙧𝙚 𝙊𝙪𝙧 𝙁𝙪𝙩𝙪𝙧𝙚!"
.png)
Comments
Post a Comment